රජයේ නිවාඩු තවදුරටත් දීර්ඝ කිරීම ගැන අවසන් තීරණයක් ‌ගෙන නෑ

Share

අද(16) දිනයේ දී ලබා දුන් රජයේ නිවාඩු දිනය තවත් ඉදිරියට දීර්ඝ කිරීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

 

මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, නිවාඩුවක් ප්‍රකාශයට පත් කිරීමට මුලික හේතුව බවට පත් වුයේ කොරෝනා වෛරසය වෙනුවෙන් පිහිට වු කාර්ය සාධක බලකායේ ඉල්ලීම බවයි.

කොරෝනා වෛරසයේ තත්ත්වය නිරීක්ෂණය කර සිකුරාදා දිනයේ දී යම් තීරණයකට එළඹීමට කටයුතු කරන බවත් පැවසු ඒ මහතා, ඉදිරියේ නිවාඩුවක් ලබා දීමට බලාපොරොත්තු නැති බවත් කියා සිටියේය.

Read more

Local News