2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පක් භාර ගැනීමේ දිනය අද (17) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් බව ප්‍රකාශයට පත් ක තිබුණද 17,18,19 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශය පත් කර තිබීම හේතුවෙන් ඉදිරි දිනවල දී ලැබේන තැපැල් ඡන්ද අයදුම්පත් අද දිනයේ ලැබුණු අයදුම්පත් ලෙස සලකා කටයුතු කිරීමට අපේක්ෂිත බව දන්වා ඇත.
COVID-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග අනුව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය නිවේදනය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.



