2020 මහමැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම සඳහා නම්කර ඇති අවසාන දිනය හෙට (19) වන අතර අදත් දේශපාලන පක්ෂ කිහිපයක් දිස්ත්රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ නාමයෝජනා භාරදෙනු ලැබීය.
ජාතික ජනබලවේගය ගාල්ල දිස්ත්රික්කය සඳහා වන නාමයෝජනා පත්රය භාරදීම සඳහා අද පෙරවරුවේ ගාල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලය වෙත පැමිණියේය.
පොළොන්නරුව දිස්ත්රික්කය සඳහාද ජාතික ජනබලවේගය අද පෙරවරුවේ නාමයෝජනා පත්ර භාරදෙනු ලැබීය.
මාතර දිස්ත්රික්කය සඳහා ජාතික ජනබලවේගය අද නාමයෝජනා භාරදෙනු ලැබීය.
කළුතර දිස්ත්රික්කය සඳහා ජාතික ජනබලවේගයේ නාමයෝජනා භාරදීමද අද සිදු කෙරුණි.
හම්බන්තොට දිස්ත්රික්කය සඳහාද ජාතික ජනබලවේගය අද නාමයෝජනා බාර දුන්නේය.
ජාතික ජලබලවේගය බදුල්ල දිස්ත්රික්කය සඳහාද අද පෙරවරුවේ නාමයෝජනා බාර දෙනු ලැබීය.



