කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයටත්, මීගමුව කොච්චිකඩේ පොලිස් වසමටත් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (19) පෙරවරු 8.00ට අවසන් විය.
කෙසේ වෙතත් එය අද පස්වරු 2.00 සිට යළි බලපැවැත් වේ.
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ඊයේ පස්වරු 04.30 සිට පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට මෙලෙස පොලිස් ඇදිරි නීතිය පනවනු ලැබුවේය.
මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 52 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.



