මෙරට රැඳී සිටින විදේශික ජනතාවට හිරිහැර කරන්න එපා

Share

ශ්‍රී ලංකාවට පැමිණ මේ මොහොතේ රට තුළ රැඳී සිටින විදේශික ජනතාව හිරිහැර කිරිමෙන් වළකින්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

 

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අද (19) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක‍‍්වෙමින් ඒ මහතා ‌මේ බව කියා සිටියේය.

ඍජු දායකත්වයක් විදේශිකයින් විසින් ලංකාවේ ආර්ථිකයට දක්වන බවත් නි‍යෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී පැවසීය.

ඊයේ (18) දිනයේ දී අධිවේගී මාර්ගයේ සිට මෙවැනි ‍විදේශිකයෙක් ‍එන බවට දුරකථන ඇමතුමක් ලැබුණු බවත් ඒ පිළිබඳව සොයා බැලීමේ දී ඔහු මීට මාස 6කට පෙර ලංකා‍වට පැමිණ “විලා” එකක් පවත්වා ගෙන යන බවට තහවුරු වු බවත් ඒ මහතා සඳහන් කළේය.

අව මානසික තත්ත්වයෙන් මිදී සැකකටයුතු විදේශිකයින් ගැන පමණක් ආරක්ෂක දැනුවත් කරන එසේ නොවන අවස්ථාවල කිසිවිටෙකත් විදෙස් ජාතිකයින්ට හිරිහැර කිරීමෙන් හෝ ඔවුන් අපහසුතාවයට පත් කිරීමෙන් වළකින ලෙසත් අජිත් රෝහණ මහතා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

චීන ජාතිකයින්ගේ මුහුණක් හෝ සුදු පැහැති විදෙස් ජාතිකයින්ගේ මුහුණක් දුටු විගස ‍නිකරුණේ කලබල විය යුතු නැතැයි ද පැවසු ඒ මහතා බොහෝ විදේශිකයින් මෙම තත්ත්වය ඇති වීමට පෙර සිට ලංකාවේ රැඳී සිටි අය බවත් නි‍යෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

ඔවුන්ට නරක ලෙස සැලකිමේ ප්‍රතිවිපාකයන්ට අනාගතයේ මුහුණ දීමට සිදු වෙන බවත්, සියලු විදේශිකයින්ට කරදරයක් වන ලෙස නොහැසිරෙන ලෙසත් නි‍යෝජ්‍ය පොලිස්පතිවරයා අජිත් රෝහණ මහතා පැවසීය.

Read more

Local News