හෙ‌‌රොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව පේසාලෙ ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී හෙ‌‌රොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා නාවික හමුදාව දියත් කරනු ලැබූ තවත් එක් මෙහෙයුමක් උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් මන්නාරම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව ඊයේ (18) මන්නාරම, පේසාලෙ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදි.

එහිදී සැක සහිත පුද්ගලයෙක් නිරීක්‍ෂණය කර වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී සූක්‍ෂම ලෙස සඟවා රැගෙන යමින් තිබූ හෙරෝයින් මිලිග්‍රෑම් 420 ක් සොයා ගැනීමට සමත් විය.

එහිදි එම සැකකරු සමඟ හෙ‌‌රොයින් ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද අතර, මෙම සැකකරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක පල කරයි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 45 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට තහවුරු කරගෙන ඇති අතර, හෙරෝයින් සමග අදාල සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ සිදු කිරීම සඳහා පේසාලේ පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

Read more

Local News