ළිඳකට වැටී තරුණියක් ජිවිතක්ෂයට

Share

යාපනය, චෙම්මනෙයි වීදිය, නල්ලූර් ප්‍රදේශයේ සිය ගෙවත්තේ ළිඳකට වැටී තරුණියක් ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය පවසයි.

 

ඊයේ (18) ළිඳෙන් වතුර ගැනීමට ගිය අවස්ථාවේ පය ලිස්සා ගොස් අදාළ තරුණිය ළිඳට වැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පැවසීය.

මදුරකුමාර් කස්තුරි නමැති 25 හැවිරිදි තරුණියක් එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

තරුණියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහලේ තැන්පත් කොට ඇත.

Read more

Local News