මෙවර එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුව නියෝජනය කරන නියෝජිතයින් 29 දෙනා අතර විද්වතුන් සහ වෘත්තිකයන් රැසක් වෙයි.
එසේම එම ලැයිස්තුව ජෝන් අමරතුංග, මහාචාර්ය ආශු මාරසිංහ, ජනාධිපති නීතීඥ තිලක් මාරපන, සමන් රත්නප්‍රිය, රෝහිත බෝගොල්ලාගම යන මහත්වරුන්ගේද නියෝජනය සහිතයි.
ඒ අතර හිටපු කතානායක කරූ ජයසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක යන මහත්වරු අපේක්ෂකයින් හෝ ජාතික ලැයිස්තු අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් නොවිම විශේෂත්වයකි.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.
එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජනබලවේගය යන දෙපාර්ශ්වය සමගි කරවීම සඳහා තමන් දිගින් දිගටම උත්සාහ කළ බවත් ඔවුන් සමගි නොවුණහොත් කිසිදු පාර්ශ්වයකට සහාය නොදෙන බව තමන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ බවයි එහි දැක්වෙයි.
නමුත් එම සියලු උත්සාහයන් ඵල රහිත වී තිබීම ඉමහත් සිත් වේදනාවට හේතුවක් බව පෙන්වා දෙන හිටපු කතානායකවරයා එම තත්ත්වය තුළ කිසිදු පාර්ශ්වයකින් තරග කිරීමට හෝ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් නොවීමට තීරණය කළ බව එම නිවේදනයෙන් පවසයි.



