ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි සැලක ගින්නක්

Share

කාත්තන්කුඩි පොලිස් වසමේ කල්මුණ පාර, කාත්තන්කුඩි ලිපිනයේ පිහිටි ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි සැලක ඊයේ (19) සවස හදිසි ගින්නක් හට ගෙන තිබේ.

 

කාත්තන්කුඩි පොලීසියට ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වු පොලීසිය, සේවකයන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කර තිබේ.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිදුවු ආලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, කාත්තන්කුඩි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News