රත්නපුර පොලිස් වසමේ ගොඩිගමුව ප්රදේශයේ දී කළුගඟේ දිය නෑමට ගොස් සිටි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (19) දහවල් 12.30ට පමණ ළමුන් තිදෙනෙකු දියේ ගිලී ඇති අතර, එයින් දෙනෙකු බේරා ගෙන ඇත.
පසුව බේරා ගත් සිසුන් දෙදෙනා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
එහිදි එක් දරුවෙක් දියේ ගිලී ඇති අතර, රත්නපුර පොලිස් නිලධාරීන් විසින් අතුරුදන් වු දරුවාගේ මෘත ශරීරය සොයා ගෙන ඇත.
මිය ගිය දරුවා වයස අවුරුදු 14 ක් වු මහවල වත්ත පාර, රත්නපුර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය රත්නපුර රෝහලේ තැන්පත් කර ඇති අතර රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



