කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ නැව් කටාකාංගන පරිශ්‍රය නාවික හමුදාව විසින් ඊයේ (19) දිනයේදී විෂබීජ හරණයට ලක් කර තිබේ.
විශාල වශයෙන් මහ ජනතාව ගැවසෙන කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සියලුම පරිශ්‍රයන් ආවරණය වන පරිදි විෂබීජ හරණය සිදු කර ඇත.
එමෙන්ම කොළඹ නැව් තටාකාංගණ පරිශ්‍රය තුළ කාර්යාල, වැඩ බිම් සහ සේවකයින් ගැවසෙන ස්ථාන විෂබීජ හරණය සිදු කළ බව නාවික හමුදාව සඳහන් කළේය.



