අධ්‍යාපන අමාත්‍යංශයෙන් සියලු දූ පුතුන්ට ඇරයුමක්

Share

එළඹ ඇති මෙම පාසල් නිවාඩු කාලය අධ්‍යයන කටයුතුවලින් බැහැරව නොසිට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මඟින් ඉදිරිපත් කරන “ඉ- තක්සලාව” වැඩසටහන් මාලාව සමඟ සම්බන්ධ වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලු දූ පුතුන්ට ඇරයුම් කරයි.

 

අධ්‍යාපන අමාත්‍යාංශයේ  www.e-thaksalawa.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්  “ඉ- තක්සලාව” වැඩසටහන් සමග සම්බන්ධ විය හැකිය.

සිංහල හා දෙමළ මාධ්‍ය දෙකෙන්ම 1- ශ්‍රේණියේ සිට 5 – ශ්‍රේණිය දක්වා පාඩම්, අභ්‍යාස ප්‍රශ්නපත්‍ර හා ක්‍රියාකාරකම් මෙන්ම 6- ශ්‍රේණියේ සිට 13- ශ්‍රේණිය දක්වා පාඩම්, අභ්‍යාස සහ ප්‍රශ්න පත්‍ර විෂයන් රැසකට අදාළව සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ මේ හරහා ඉදිරිපත් කර ඇත.

Read more

Local News