ගෘහ භාණ්ඩ නිපදවන ස්ථානයක ගින්නක්

Share

පානදුර උතුර පොලිස් වසමේ පරත්ත, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි ගෘහ භාණ්ඩ නිපදවන ස්ථානයක ඊ‌යේ (21) හදිසි ගින්නක් හට ‍ගෙන තිබේ.

 

පානදුර උතුර ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මකවූ පොලීසිය, මොරටුව නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ සහය ඇතිව ගින්න මැඩ පවත්වා තිබේ.

ගින්නට හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.

ගින්න ඇතිවීමට හේතුව අනාවරණය වී නොමැති ඇතර අදාළ ගින්න හේතුවෙන් සිදුවූ අලාභය මෙතෙක් තරක්සේරු කර නොමැත.

සිද්ධිය සම්බන්යෙන් පානදුර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News