කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය වයෝවෘද්ධ පුද්ගලයින්ට ආසාධනය වීමේ ප්‍රවණතාවය වැඩි බැවින් එවැනි පුද්ගලයින්ට හැකිතාක් නිවෙස්වල රැඳෙන්නැයි රජය නිවේදනය කරයි.
අද සවස වන විට මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් 74 ක් IDH රෝහලේ ද, 07 දෙනෙකු වැලිකන්ද මුලික රෝහලෙහිද ප්‍රතිකාර ලබමින් සිටින බව ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මින් ආසාධිත රෝගීන් දෙදෙනෙකු IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.



