කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන්න දිවයින පුරා රෝහල් 30ක්

Share

කොරෝනා වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන්ට සහ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා දිවයින පුරා රෝහල් 30ක් සූදානම් කර තිබේ.

 

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හා වැලිකන්ද මූලික රෝහලට අමතරව මුල්ලේරියාව හා හෝමාගම රෝහල් සැකකටයුතු වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහාත්, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා බවට සැක කෙරෙන ගර්භණී කාන්තාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනේ‍‍.

කොතලාවල වෛද්‍ය පීඨයේ දැඩි සත්කාර ඒකකය ද ප්‍රතිකාර සඳහා යොදාගනී.

Read more

Local News