කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්රික්ක තුනට අමතරව උතුරු පළාතට ද හෙට (24) උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය දීර්ඝ කර තිබේ.
සෙසු දිස්ත්රික්ක වල ඇඳිරි නීතිය අද (23) පැය අටක කාලයකට පමණක් ඉවත් කෙරෙයි.
කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්රික්ක 03ට අමතරව උතුරු පළාතට අයත් දිස්ත්රික්ක 05 වන යාපනය, මන්නාරම, වව්නියාව, මුලතිව් හා කිලිනොච්චි යන දිස්ත්රික්කවලටද දැනට ක්රියාත්මක ඇඳිරි නීතිය එළැඹෙන අඟහරුවාදා උදෑසන 6.00 දක්වා දීර්ඝ කළේය.
ඒ අනුව එම දිස්ත්රික්ක 08 ටම එදින උදෑසන 6 න් ඇඳිරි නීතිය ඉවත් කෙරුණද එදිනම පස්වරු 2.00 සිට යළි ඇඳිරි නීතිය පැනවේ.
උතුරේ දිස්ත්රික්ක 05 තුළ වෙසෙන ජනතාවට තමන් අයත් දිස්ත්රික්කයෙන් පිටතට ගමන් කිරීමද තහනම් කර තිබේ.
ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම සියලුම සුරාසැල් වසා තැබිය යුතු බව රජය නියෝග කර තිබේ.



