ලොව පුරා කොරෝනා මරණ 14,611ක් දක්වා ඉහළට

Share

නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව අද වන විට 14,611ක් දක්වා ඉහළ ගොස් ති‌බෙන අතර ලොව පුරා ආසාදිතයන් ගණන තුන් ලක්ෂ තිස්හය දහස ඉක්මවයි.

 

ඉතාලියේ පමණක් කොරෝනා වෛරසයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 5476ක් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම වෛරසයෙන් පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 97,636 කි.

වෛරසය මේ වන විට යුරෝපා කලාපයේ සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති අතර එහි බලපෑමට වැඩියෙන්ම ගොදුරුවී තිබෙන්නේ ඉතාලියයි.

Read more

Local News