රජය විසින් තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කිරීම හේතුවෙන් හෙට (24) දිනයේ උදෑසන 10 දක්වා පමණක් මහජන බැංකු ශාඛා විවෘතව පවතින බව මහජන බැංකුව නිවේදනය කරයි.
ඒ අනුව කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුළ මෙලෙස මහජන බැංකු ශාඛාවන් විවෘතව පවතියි.
බැංකු පරිශ්‍රය තුළ දී එකිනෙකා අතර අවම මීටරයක පරතරයක් පවත්වා ගන්නා ලෙසත් බැංකු නිලධාරීන් හා ආරක්ෂක නිලධාරීන් ලබා දෙන උපදෙස් පිළිපඳින ලෙසත් මහජන බැංකුව කාරුණිකව දැනුම් දෙයි.



