ලොව කොරෝනා ආසාදිත මරණ 16000 ඉක්මවයි

Share

නව කොරෝනා වෛරසයෙන් අද වන විට මරණ 16,509 ක් වාර්තා වී ඇති අතර ලොව පුරා ආසාදිතයන් ගණන 378,000 ඉක්මවා තිබේ.

 

මේ වන විට රටවල් 195 ක පැතිර ගොස් ඇති මෙම වෛරසයෙන් පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 102,000 ක්.

වෛරසය මේ වන විට යුරෝපා කලාපයේ ශීඝ්‍රයෙන් පැතිර යමින් ඇති අතර එහි බලපෑමට වැඩියෙන්ම ගොදුරුවී ඇත්තේ ඉතාලියයි.

එරට සිදුවූ මරණ සංඛ්‍යාව වෛරසය ව්‍යාප්තවීම ආරම්භ වූ චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාවද ඉක්මවා ඇති අතර එම ගණන 6,077ක්.

පසුගිය පැය 24 තුළදී එරටින් වාර්තාවූ මරණ ගණන 602 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එරට සමස්ත ආසාදිතයන් ගණන 63,000 ඉක්මවයි.

යුරෝපා කලාපය තුළ ඉතාලියට පසුව නව කොරෝනා වෛරසයෙන් දැඩිව බලපෑම් එල්ලවී ඇත්තේ ස්පාඤ්ඤයටයි.

Read more

Local News