විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු පළමු කණ්ඩායම අද (24) එම මධ්‍යස්ථානවලින් පිටත්ව යාමට නියමිතයි.
විදෙස් ගතව සිට මෙරටට පැමිණි 311 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පිටත්ව යන බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ඒ අනුව පූනානි මධ්‍යස්ථානයේ රැදී සිටි 203 දෙනෙකු සහ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැදී සිටි 108 දෙනෙකු අද දිනයේ නිරෝධායන කටයුතු අවසන්වීමෙන් පසු පිටත්ව යනු ඇති.
මෙම පිරිස් මහනුවර, මාතර සහ ගාල්ල දක්වා යුධ හමුදාවේ මැදිහත්විමෙන් බස් රථ මගින් රැගෙන යාමට නියමිතව තිබේ.



