නාවික හමුදාව යාපනයේ ආගමික ස්ථාන සහ නිවාස විෂබීජහරණය කරයි

Share

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා යාපනය අර්ධද්වීපයේ චුන්නාක්කම් ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ නිවාස කේන්ද්‍ර කර ගනිමින් විසබීජහරණ වැඩසටහනක් ඊයේ (23) වන දින ක්‍රියාත්මක කරන ලදි.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නව කොරෝනා වෛරසය මෙරට තුල පාලනය සිදු කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විසබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටිනු ලබයි.

ඒ අනුව ඊයේ දින යාපනය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය මගින් කල ඉල්ලීමකට අනුව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ මගපෙන්වීම යටතේ යාපනය චුන්නාක්කම් ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ නිවාස කේන්ද්‍ර කර ගනිමින් විසබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් මෙම විෂබීජ හරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලද අතර, මෙහිදී තාවඩි සහ තාවඩි උතුර යන ප්‍රදේශයන්හි කෝවිලක් සහ නිවාස කිහිපයක් ප්‍රදේශය තුල වෛරසය ව්‍යාප්තවීමේ අවධානම වැළැක්වීමේ අරමුණින් නියමිත ක්‍රියා පටිපාටියට අනුව විධිමත්ව විෂබීජහරණය කිරීම සිදු කරන ලදි.

තවද, ඉදිරියේදීද මහජනතාවගේ ආරක්‍ෂාව සඳහා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගැනීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.

Read more

Local News