රජයේ උපදෙස් පරිදි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ක්‍රියාත්මක කොරෝනා ව්‍යාප්තවීම වැළැක්වීමේ වැඩපිළිවෙලට පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ සහය ලබාගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.
ඒ, පක්ෂ නායකයන් සහ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද (24) පැවති හමුවේදියි.
එම හමුවේ දී පක්ෂ නායකයින්ගේන් ඉදිරිපත් වුණු අදහස් සලකා බලා අග්‍රාමාත්‍යවරයා මෙම තීරණයට ගෙන ඇත.





