අද සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවෙස්වලටම

Share

රටතුළ උද්ගත වී ඇති තත්වය සැළකිල්ලට ගනිමින් පාරිහෝගිකයන් වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අලෙවි කිරිමේ කටයුතු අද (25) දිනයේ සිට ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

 

සමූපකාර තොග වෙළඳ සංස්ථාව ලංකා සතොස එක්ව මෙම ආහාර ද්‍රව්‍ය සැපයීමේ වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මෙම කටයුතු සම්බන්ධීකරණය හා මෙහෙය වීම පිණීස විශේෂ මෙහෙයුම් ඒකකයක් ද පිහිටුවා තිබේ.

මෙම වැඩපිළිවෙල බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්යය සාධක බලකාය මඟින් සිදුකරනු ලබයි.

Read more

Local News