කොරෝනා රෝගීන් තිදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ

Share

ගත වූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් කිසිදු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

කොවිඩි නයින්ටීන් වෛරසය අසාදනය වු කිසිදු රෝගියෙකු ඊයේ දිනයේ වාර්තා නොවු අතර ඒ අනුව මෙරටින් වාර්තා වු වෛරස අසාධිතයින් සංඛ්‍යාව 102 ක්.

ඔවුන්ගෙන් තිදෙනෙකු මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේ.

කෙසේ නමුත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතළත් කර තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේය ඒ අනුව මේ වන විට රෝගීන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

Read more

Local News