කොරෝනා ව්‍යාප්තිය පාලනය කරන්න නාවික හමුදාවෙන් විෂබීජහරණ කුටියක්

Share

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සදහා නාවික හමුදාව විසින් විෂබීජ හරණ කුටියක් හදුන්වාදී තිබේ.

 

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේඋපදෙස් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ඉංජිනේරු කාර්මික නාවිකයින් පිරිසක් විසින් විෂබීජ හරණය සිදු කළ හැකි මෙම කුටිය නිර්මාණය කර ඇති අතර මෙමගින් එකවර මුළු ශරිරයම විෂබීජ හරණය සිදු කිරිමේ හැකියාව පවතින බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව මේ වන මහජනතාව ගැවෙසෙන පොදු ස්ථාන මෙන්ම පෞද්ගලික ආයතන පරිශ්‍රයන් ද කේන්ද්‍ර කර ගනිමින් විෂබීජ හරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකකර තිබේ.

ඒ අනුව එම රාජකාරිවල නිරතව සිට නැවත කඳවුරු වෙත පැමිණිමේදී අදාල විෂබීජ හරණ කුටිය හරහා ඔවුන් විෂබීජ හරණය කිරිමෙන් සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාවක් නාවික හමුදා කඳවුරු තුළ පවත්වා ගැනිමට හැකියාව ලැබෙන බව නාවික හමුදාව පෙන්වා දෙයි.

Read more

Local News