මීටරයක අවම පරතරය නැතිනම් සිංගප්පූරු රජයෙන් මාස 06ක සිරදඩුවමක්

Share

ප්‍රසිද්ධ ස්ථානවලදී පුද්ගලයින් දෙදෙනෙකු අතර මීටරයක අවම පරතරය පවත්වා නොගැනිම දඩුවම් ලැබිය හැකි වරදක් බවට සිංගප්පූරු රජය විසින් ප්‍රකාශයටපත් කර තිබේ.

 

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණින් ප්‍රකාශයට ඇති මෙම තීරණය අද (27) රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වැලැක්විමේදී සමාජ දුරස්තභාවය පවත්වා ගැනිම මූලික කරුණක් වේ.

ඒ අනුව ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානවල දී මීටරයක අවම පරතරය පවත්වා ගැනිමට කටයුතු නොකරන පුද්ගලයින්ට සිංගප්පූරු ඩොලර් 10,000ක දඩයක් හෝ මාස 06ක සිරදඩුවමක් නියම වනු ඇති බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read more

Local News