දිස්ත්‍රික් කිහිපයක ඉවත් වු ඇඳිරි නීතිය යළිත්

Share

පුත්තලම දිස්ත්‍රික්කයට සහ උතුරු පළාතේ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවූ ඇඳිරි නීතිය අද (27) සවස 2.00 සිට යළි ක්‍රියාත්මක කර තිබේ.

 

නව කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා බස්නාහිර පළාතට සහ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වෙයි.

සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු 30 වන සඳුදා පෙ.ව 6.00 දක්වා බලැපැවැත්වෙන අතර එදින දහවල් 2.00 සිට යළි ඇඳිරි නීතිය පැනවෙයි.

ඒ අතරින් පුත්තලම දිස්ත්‍රික්කයට සහ උතුරු පළාතේ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවූ ඇඳිරි නීතිය අද උදෑසන 6.00ට තාවකාලිකව ඉවත් කෙරුණේ ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් ලබාගැනීම සඳහායි.

Read more

Local News