වව්නියාව පොලිස් වසමේ මහමයිලන්කුලම අත්පන්දු ක්‍රිඩාංගනය අසල දී ඊයේ (27) සවස වව්නියාව පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවදී මෙම සැකකරු වව්නියාව පොලිස් වසමේ දී කාන්තාවන් දෙදෙනෙකුගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑමේ සිද්ධීන් දෙකකට අවශ්‍යව සිටි සැකකරුවෙක් බවට අනාවරණය වී තිබේ.
සැකකරු වයස අවුරුදු 25 ක් වු අසිකුලම්, වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු අද (28) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වව්නියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



