ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 6041ක් අත්අඩංගුවට

Share

ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 856 ක් අත්අඩංගුවට ගෙන ති‌බෙන බව ‌පොලිසිය පවසයි.

 

වාහන ද 184 ක් අත්අඩංගුවට පත් වු බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව 2020.03.20 වන දින ඇඳිරි නීතිය පැන වු මොහොතේ සිට අද (29) උදෑසන 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට පත් මුළු පුද්ගලයින් ගණන 6041 දක්වා ඉහළ ගොස් තිබේ.

වාහන 1477 ක් ද එම කාලය තුළ අත්අඩංගුවට පත්ව ඇත.

Read more

Local News