කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේ කාලසීමාව තුළ පරිහරණය කිරීම සඳහා සියලු වෛද්‍ය කාර්ය මණ්ඩලය ද සහිතව රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් සියලු පහසුකම් සහිත නවීනතම දැඩිසත්කාර ගිලන් රථ දෙකක් අද දින(29) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දීම සිදු කර තිබේ.
ශ්‍රී ලංකා වෙළෙඳ සංවර්ධන සභාව වෙනුවෙන් එහි විධායක සභික රෝයල් නර්සිං හෝම් ආයතනයේ සභාපති මංජුල හේවාවසම් මහතා විසින් මෙම ගිලන් රථ දෙක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය වෙත නිල වශයෙන් බාර දී තිබේ.
තවද රුපියල් මිලියන 02 කට වඩා වැඩි වටිනාකමින් යුත් නවීනතම රෝහල් ඇදන් 25 ක් ද මේ සමගම සෞඛ්‍ය අමාත්‍යතුමීය වෙත අද දින බාර දී ඇත.
මෙම කටයුත්ත සඳහා පූර්ණව මැදිහත් වී ජනාධිපතිවරයා ඇතුලු සියලුම රාජ්‍ය අංශ දැනුවත් කර ඒ සඳහා ඉඩ අවසරය ලබා දුන් ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට සහ සමස්ථ ශ්‍රී ලංකා වෙළෙඳ සංවර්ධන සභාව වෙනුවෙන් මංජුල හේවාවසම් මහතාට මේ පරිත්‍යාගය කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරිය සිය ස්තූතිය මෙහිදී පිරි නමා තිබේ.



