අද කාලගුණය ‌මෙන්න

Share

සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව හා දකුණු පළාත්වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති‍ වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

රත්නපුර, ගාල්ල සහා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 කට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකියි.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති ‍විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News