වැලිමඩ පොලිස් වසමේ පුහුල්පොල කෘෂිකාර්මික ඇළ අසල පුද්ගලයෙකු විදුලි සැර වැදී මිය ගොස් තිබේ.
මේ පිළිබඳව වැලිමඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 27 ක් වු හල්ගන් ඔය, රාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.
මෙම මරණකරු පුහුල්පොල කෘෂිකර්ම ඇලට වතුර මෝටරයක් සවිකර වතුර ලබා ගැනීමට යෑමේ දී විදුලි කාන්දුවකින් විදුලි සැර වැදී ඇති බව අනාවරණය වී තිබේ.



