පිලිපීනයේ මැනිලා ගුවන්තොටුපලේදී ගුවන් යානයක් ගිනිගෙන ඇති අතර ඉන් පුද්ගලයන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
පිලිපීනයේ මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ගුවන් ගතකෙරෙන අතරතුරදී සහන සේවා සඳහා යොදවා තිබූ ගුවන් යානයක් මෙසේ ගිනිගෙන තිබේ.
අදාළ ගුවන් යානය රෝගී පුද්ගලයෙක් රැගෙන ජපානයේ හනේඩා ගුවන් තොටුපළ වෙත පියාසර කිරීමට නියමිතව තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ගුවන් තොටුපළ බලධාරීන් ගින්න පාලනය කිරීමට පැමිණෙන විටත් යානය මුළුමණින් ගින්නට හසුව තිබුණි.
මෙලෙස අනතුරට පත්ව තිබුණේ ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන් සේවයට අයත් යානයකි.




