රෙජිස්ටාර් ජනරාල්ගෙන් නිවේදනයක්

Share

දැනට රට තුළ පවතින තත්ත්වය අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ උකස් ඔප්පු ලියාපදිංචි කිරීම සඳහා රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී. විතානගේ මහතා මේ බව සඳහන් කරයි.

ඒ සඳහා දුරකථන අංක කීපයක් ද ඒ මහතා විසින් දැනුම් දෙනු ඇත.

රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී.විතානගේ- 0701 588 433

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාල් ජනරාල් (පාලන) පුබුදිකා එස්. බණ්ඩාර – 0713 483 238

සහකාර රෙජිස්ට්‍රාල් ජනරාල් සී.එස්.ජාගොඩආරච්චි – 0714 485 564

සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් සමන් දිසානායක – 0703 899 535

ඒ අනුව 1951 අංක දරණ උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ පනත අනුව උපතක් සිදුවී මාස තුනක් ඇතුළත උපත් හා මරණ රෙජිස්ට්‍රාර් මඟින්ද, ඉන්පසුව උපත සිදුවු ස්ථානය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින්ද උපතක් ලියාපදිංචි කර ගැනීමේ හැකියාව පවතින බව දැනුම් දෙයි.

එබැවින් මෙම අවස්ථාවේ දී උපත් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙසත් මහජනතාවට දැනුම් දෙයි.

මරණ ලියාපදිංචි කිරීමේ කටයුතු ද මින් පෙර චක්‍රලේඛ මඟින් සියලු පළාත් පාලන ආයතන දැනුවත් කර ඇති පරිදි මරණ සහතික හෝ පහත සඳහන් ලේඛන තුනෙන් එකක් ලබා ගෙන ආදළ මරණයේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා සුසාන භූමි / ආදාහනාගාර වෙන් කර දෙන ලෙස සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි.

01. උපත් හා මරණ රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරනු ලබන වාර්තාව – (ආකෘති අංක : B 16)

02. මහේස්ත්‍රාත් / හදිසි මරණ පරීක්ෂක තැන විසින් නිකුත් කරනු ලබන සහතික – (ආකෘති අංක  : B 18 )

03.රෝහල් මරණ ප්‍රකාශය – (ආකෘති අංක : B 33)

Read more

Local News