ඉන්දියාව තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු සඳහා ස්ථාපිත අරමුදලට සුපිරි බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් විසින් ඉන්දීය රුපියල් කෝටි 25 ක පරිත්‍යාගයක් සිදුකර තිබේ.
මේ වන විටත් ව්‍යාපාරික, ක්‍රීඩා හා රංගන ක්ෂේත්රයට සම්බන්ධ එරට ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම එම අරමුදල සදහා මූල්‍ය පරිත්‍යාගයන් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව අක්ෂේ කුමාර් විසින් ඉන්දීය රුපියල් කෝටි 25 ක පරිත්‍යාගයක් එම අරමුදල සඳහා බැර කර ඇති අතර එය මේ දක්වා සිදුකළ ඉහලම පරිත්‍යාග මුදල ලෙසයි සැලකෙයි.