කහවත්ත පොලිස් වසමේ පැල්මඩුල්ල නෝනාගම මාර්ගයේ පනාවැන්න හන්දිය අසල දී ඊයේ(30) රාත්‍රියේ සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇඹිලිපිටිය දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ඉදිරියෙන් පැමිණි පුද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 61 ක් වු අකරැල්ල, ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කහවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



