පළාත් කිහිපයකට අද, හෙට සවසට තදවැසි

Share

අද (04) සහ හෙට (05) වි‌ශේෂයෙන් සබරගමුව, බස්නාහිර, වයඹ, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

නැගෙනහිර පළාතේ වැසි වාර කීපයක් ඇති වෙයි.

සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති වෙයි.

සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික සුළං ද ඇති වෙයි.

Read more

Local News