කොවිඩ් නයින්ටීන් ආසාදනයෙන් ඊයේ දිනයේදී ද අමෙරිකාවෙන් දහස ඉක්මවූ මරණ සංඛ්‍යාවක් වාර්තාවී තිබේ.
එරට නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් පමණක් අලුතින් මරණ 630ක් වාර්තාවී ඇති අතර දෛනිකව එම ප්‍රාන්තයෙන් වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාව ද මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් මේ වන වැඩිම බලපෑමක් එල්ලවී ඇති අමෙරිකාවෙන් මරණ 8,452ක් වාර්තාවී තිබේ.
ගතවූ පැය 24 තුලදී අමෙරිකාවෙන් මරණ 1,224ක් වාර්තාවී ඇති බව වාර්තා වේ.