තවත් ‌කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ අයගෙන් 27 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වෛරසය හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන 05 දෙනෙක්.

ඊයේ පස්වරුව වන විට නව ආසාදිතයින් 07 දෙනෙකු හමුවීමත් සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් 19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 166ක් දක්වා ඉහළ ගියේය.

තවත් රෝගීන් 134 දෙනෙකු මෙවනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබයි.

වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන පිරිස 273 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read more

Local News