ඇඳිරි නීතිය කඩ කළ පිරිස 13,716ක් දක්වා ඉහළට

Share

අද (05) උදෑසන 6.00 සිට අද දහවල් 12.00 දක්වා ගතවූ පැය 06ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 248 දෙනෙකු අත්අඩංගුවට පත්වූ බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

 

එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගැනුණු වාහන සංඛ්‍යාව 70ක් බව ‌පොලිසිය පවසයි.

ඒ අනුව ඇඳිරි නීතිය උල්ලංඝණය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට පත්වූ සමස්ත පුද්ගලයින් ගණන 13,716ක් වන අතර පොලිස් භාරයට ගැනුණු සමස්ත වාහන සංඛ්‍යාව 3423කි.

Read more

Local News