ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 1327ක් අත්අඩංගුවට

Share

ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1327 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

එම කාලය තුළ රථ වාහන 312ක් තම භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

ඒ අනුව පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් දහ හතර දහසකට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව ඇදිරිනීති කාලසීමාව තුළ මේ වනවිට පුද්ගලයින් 14795ක් අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 3665ක් ‌පොලිස් බාරයට ගෙන තිබේ.

Read more

Local News