ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අද (06) දහවල් 12.00 වන විට පුද්ගලයින් 14966ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතර අත්අඩංගුවට පත් වාහන සංඛ්‍යාව 3751 ක් බව පොලීසිය පවසයි.
අද උදෑසන 6.00 සිට දහවල් 12.00 වන තෙක් පමණක් ගත වු පැය 6 තුළ පුද්ගලයින් 171 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාලය තුළ වාහන 86 ක් ද පොලිස් බාරයට ගෙන ඇත.



