දෙදිනක් තුළ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 66ක මුදලක් පරිත්‍යාගයන් සිදු කර තිබේ.
රුපියල් මිලියන 314ක්ව තිබූ ශේෂය දැන් රුපියල් මිලියන 380 දක්වා ඉහළ ගොස් ඇත.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය කැබිනට් අමාත්‍ය ධූරයට හිමි අප්‍රේල් මස වැටුප සහ අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා රුපියල් මිලියන 10 ක් අද (06) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කර තිබේ.
ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් මිලියන 25ක්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය රුපියල් මිලියන 2.5 බැගින් ද, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව රුපියල් මිලියන 02ක්, මැලිබන් බිස්කට් මැනුෆැක්චරීස් ආයතනය රුපියල් මිලියන 10ක්, මාතර බෝධි ආරක්ෂක සභාව රුපියල් මිලියනයක් සහ නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය රුපියල් මිලියන 05ක් අරමුදලට පරිත්‍යාග කර ඇත.
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ.
දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
නීත්‍යානුකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.
චෙක්පත් හෝ ටෙලි ග්‍රැෆ් සම්ප්‍රේෂණ මඟින් මුදල් තැන්පත් කිරීමට හැකියාව පවතී.
දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්ය ක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී.එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැකි බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.



