ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ 1107ක් අත්අඩංගුවට

Share

ඊයේ (06) උදැසන 6.00 සිට අද (07) උදෑසන 6.00 දක්වා ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1107 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

 

එම කාලය තුළ වාහන ද 326ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.

ඒ අනුව පසුගිය මාර්තු මස 20 වන දින සිට අද දක්වා අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 15902ක්.

දිවයින පුරා වාහන ද 3991ක් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය වැඩිදුරටත් පවසයි.

Read more

Local News