කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් සිව්දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මේ වන විට වෛරසයෙන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටවගොස් සිටින පිරිස 42 කි.
මෙරටින් පළමු කොවිඩ් නයින්ටීන් ආසාදිතයා හමු වූ දින සිට අදට දින 28ක් ගත වී ඇති අතර මේ වන විට වෛරස් ආසාදිතයින් 180 දෙනකු හඳුනාගෙන තිබේ.
අද දිනයේ වාර්තා වූ මරණයත් සමඟ මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 06 දක්වා ඉහළ ගියේය.
වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 257 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.



