අකුණු සැර වැදීමෙන් අයෙක් මරුට

Share

අකුණු සැර වැදීමෙන් වව්නියාව, නාගර් ඉලුප්පෙයිකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අද (08) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව වව්නියාව රෝහල් ආරංචි මාර්ග පවසයි.

 

වයස අවුරුදු 25 ක පුද්ගලයෙකු අකුණුසැර වැදීමෙන් එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා ‌වේ.

දිගු කලක් පැවති නියඟය හමාර කරමින් වව්නියාව ප්‍රදේශයට අද සවස අකුණු සමඟ වර්ෂාව හටගත් අතර අදාළ අවස්ථාවේ අනතුර සිදුව තිබේ.

මියගිය පුද්ගලයා වැසි සහිත අවස්ථාවේ අසල්වැසි නිවසකට ගමන් කරන අවස්ථාවේ අනතුරට මුහුණ දි ඇති බවද ප්‍රදේශවාසීන් පැවසූහ.

Read more

Local News