කොරෝනා ආසාදනයෙන් මිය ගිය 7වෙනියාගේ ‍ආදාහන කටයුතු සිදු කරයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මියගිය 7 වන පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකර තිබේ.

 

අද (09) පෙරවරු 11.30 ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී ජාත්‍යන්තර නිරෝධායන නීතින්ට අනුකූලව දේහය ආදාහනය කෙරුණු බව වාර්තා ‌වේ.

එම අවස්ථාවට මියගිය පුද්ගලයාගේ ඥාතීන් කිහිපදෙනකු ද සහභාගී වී  තිබේ.

44 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු වන මෙම පුද්ගලයා අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රී මියගියේය.

ජර්මනියේ සංචාරයක නිරත වී මෙරටට පැමිණිමෙන් අනතුරුව ඔහුට වෛරස වැළදී ඇති බව සෞඛ්‍ය අංශ පැවසුවේය.

මේ වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාධිතයින් 189 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 47 දෙනෙකු සුවය ලබා තිබේ.

Read more

Local News