කොවිඩ් නයින්ටීන් පාලනයට ගත් ක්‍රියාමාර්ග ගැන අසත්‍ය ප්‍රචාර කළ 9ක් අත්අඩංගුවට

Share

කොවිඩ් නයින්ටීන් ‌හෙවත් නව කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේ අරමුණින් ගනු ලැබු ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරිමේ අදහස ඇතිව සමාජ ඡාලා ඔස්සේ පළ කර තිබු අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කර මෙම ප්‍රචාරයන් සිදුකල සැකකරුවන් 8 දෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරගම, මහනුවර, දෙහිවල, මහරගම, නුගේගොඩ, ගාල්ල, වාද්දුව, අංගොඩ, පොල්ගහවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News