කැලණිය, මහර ඇතුළු තැන් කීපයකට ජල කප්පාදුවක්

Share

කැලණිය හා තවත් ප්‍රදේශ කීපයක අද (11) සවස 4.00 සිට පැය 12.00ක කාලයක් සඳහා ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව කැලණිය, පෑලියගොඩ, වත්තල, මාබෝල, ජාඇල, කටුනායක, සීදූව නගර සභා බලප්‍රදේශය හා බියගම, මහර, දොම්පේ ප්‍රාදේශීය සහ ගම්පහ ප්‍රාදේශීය බලප්‍රදේශයේ කොටසකට මෙම ජලකප්පාදුව බලපානු ඇත.

බියගම ජල පවිත්‍රාගාරයේ ප්‍රධාන විදුලි ට්‍රාන්ස්පෝමරයේ හදිසි නඩත්තුවක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරයි.

Read more

Local News