දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාවට තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පක්ෂයෙන් ඉවතට

Share

සෙවනගල ප්‍රදේශයේ වයස අවුරුදු 12 ක දැරියක් වරින් වර අපයෝජනය කළ සිදුවීමක් පිළිබඳව සියත ප්‍රවෘත්ති තුළින් අප අනාවරණය කළා.

 

එහිදී එම සිදුවිම සම්බන්ධයෙන් ප්‍රදේශවාසින් විසින් ‌‌චෝදනා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ කියා සිටියේ ප්‍රාද‌ේශීය සභා මන්ත්‍රීවරයෙකු අදාළ සිදුවීමට සම්බන්ධතාවයක් පවතින බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ ප්‍රාද‌ේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ‌පොලිසිය කටයුතු කළ අතර අනතුරුව ඔවුන් රක්ෂික බන්ධනාගාර ගත කළා.

මේ අතර තණමල්විල ප්‍රාද‌ේශිය සභාව සඳහා ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණ යටතේ තරඟ ‌කොට පත්වු සභාපතිවරයෙකු දුෂණ ‌චෝදනාවකට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත ‌කොට ඇති බවත්, ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණ දැඩි විනයක් සහිතව කටයුතු කරන පක්ෂයක් වන අතර පක්ෂය නියෝජනය කරන සියලුම මහජන නියෝජිතයින් තුලින් එම පක්ෂය ඉතා ඉහළ විනයක් බලාපො‌ෙරොත්තු වන බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණ මඟින් මාධ්‍යයට නිවේදනයක් නිතුක් කළා.

මේ අනුව ‌මෙම අවස්ථාවේදී අදාළ තණමල්විල ප්‍රාද‌ේශීය සභිකවරයාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර ඇති බවත්, ඒ අනුව විනය පරීක්ෂණයක් සිදුකර පක්ෂයෙන් ‌නෙරපීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණ මඟින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.

Read more

Local News